top of page
Writer's pictureChula Goonasekera

නාස්තිය අවම කිරීමට සහ ආර්ථික ප්‍රකෘතියට ආධාර කිරීමට විශිෂ්ට අදහස් කිහිපයක්




Written by an ‘unknown’ patriot. Reduce wastage to facilitate economic recovery නාස්තිය අවම කිරීමට සහ ආර්ථික ප්‍රකෘතියට ආධාර කිරීමට විශිෂ්ට අදහස් කිහිපයක්



⭕️ වායු සමනය කර ඇති කාර්යාල පරිශ්‍ර සියල්ල අංශක 26 ( හැකිනම් 27)කට උෂ්ණත්වය පවත්වාගැනීම. එයින් විශාල විදුලියක් ඉතිරි කරගත හැකිවනු ඇත. ජලාශවල එක් රැස්වන ජලය ඉතිරි කරගත යුතු අතර ඩීසල් වලට කරන වියදම අවම කලයුතුය.


⭕️ සාරි, ටයි ඉවත් කර සැහැල්ලු ඇඳුම් ( company T shrit) හෝ කපු හෝ බතික් ( දේශීය) අත්කොට කමීස අඳින්නට අවසර දිය යුතුය.


⭕️ නිවාස වල ටංග්ස්ටන් බල්බ දැල්වීම නවතා දැමිය යුතුය. හැකි තරම් LED බල්බ වලට මාරුවිය යුතුය. රාත්‍රිය පුරා නිවසින් එලියේ පහන් දල්වනවානම් එය නැවැත්විය යුතුය.


⭕️ විදුලි පංකා භාවිතා කරන්නේනම් හැකි තරම් සීලිං ෆෑන් වලට වඩා පෙඩෙස්ටල් ෆෑන් භාවිතා කල යුතුය.


⭕️ ජලාශ පිරුනායැයි කියා වතුර සියල්ල නාස්ති කර විදුලිය නිපදවීම නොකල යුතුය. දිනකට අවම වේලාවක් විදුලිය කපා ඉදිරියේ එන දැවැන්ත විදුලිය කැපීම් වලක්වා ගත යුතුය.


⭕️ සූර්ය පැනල සවිකිරීම සඳහා නිවාස හිමියන්ට සහන ණය ලබාදිය යුතුය.


⭕️ දර ලිපක් සාදා ගැනීමට හැකි හැම කෙනෙක්ම,එලෙස දර ලිපක් සාදා ගත යුතුය. ගෑස් සැපයුම සාමාන්‍ය තත්වයට පත් වුවද අඩු තරමින් වසරක කාලයක් ගෑස් සමග දර ලිපද පාවිච්චි කල යුතුය. ගෑස් සිලින්ඩරයක් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවාට වඩා දෙගුණයක් කල් පාවිච්චි කරන්න උත්සහ කල යුතුය.


⭕️ හැකි සෑම සේවකයෙක්ම නිවසේ සිට වැඩ කරන තත්වයට පත්කල යුතුය. සතියකට දින කිහිපයක් පමණක් කාර්යාල වලට පැමිනීමට සීමා ඇති කල යුතුය.


⭕️ රට පුරා සිටින සේවකයන් මාසයකට වතාවක් රැස්වීම්වලට කැඳවන ආයතන ඇත.( පෞද්ගලික හා රාජ්‍ය ) ඔවුන් කොළඹ එන්නේ වාහන වලින්ය. එම රැස්වීම් සියල්ල Zoom ඔස්සේ පැවැත්විය යුතුය.


⭕️ පාසැල් පවත්වන දින කාලය දීරඝ කර පවත්වන දින ගනන ( එකකින් හෝ ) අඩු කල යුතුය.


⭕️ එය ආයතන වලටද අදාල කරගත හැක. සෙනසුරාදා වරුවක් පවත්වන වරුවක සේවය සම්පූර්ණයෙන් නවතා දැමිය හැක. සෙනසුරාදා පැය ගනන සතියේ දින ගනනට එකතු කිරීම සහ දිවා ආහාර විවේකය අඩු කර එය ක්‍රියාත්මක කල හැක.


⭕️ තාවකාලිකව සේවකයින් ලඟම ශාඛාවලට අනුයුක්ත කල යුතුය. ගුරුවරුන් ලඟම පාසැල් වලට අනුයුක්ත කිරීම ප්‍රවාහන වියදම් අඩුකරගැනීමට පුළුවන්


⭕️ යම් කාලයක් සඳහා දීර්ඝ විනෝද චාරිකා යෑමෙන් ඈත්විය යුතුය.


⭕️ කිලෝමීටරයකට අඩු දුරක් සඳහා පාපැදියක්, පාගමිනින් යාම තෙල් ඉතිරි කිරීමටත්, සෞඛ්‍යය යහපත් වීමටත් හේතුවේ.


⭕️ රුපියල් 3000/- හෝ ඊට වඩා විදුලි බිලක් ඇත්නම් එයින් රු. 500/- ක් අඩුකිරීමට සෑම පුද්ගලයෙක්ම කටයුතු කල යුතුය. ඒ සඳහා;

· රූපවාහිනිය Stand by mode එකේ නොතබන්න.

· ෆෝන් චාජර්, චාජ් නොකරන වෙලාවට විදුලිය විසන්දි කර තැබිය යුතුය.

· ශීතකරනය විවෘත කරන වේලාව හා එහි දොර විවෘත කර තබන වේලාව අඩු කල යුතුය.

· වතුර මෝටරයක් පාවිච්චි කරන්නේ නම් ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කල යුතුය. ( නල ජලයටද එය ආදාලය)

· හැකි තරම් එක වර ඇඳුම් මැදිය යුතුය.

· සවසට ලයිට් දාන වේලාව පැය බාගයක් ප්‍රමාද කරන්න පුළුවන්.


⭕️ කඩවත, මොරටුව, කොට්ටාව වැන ස්ථානවල සිට කොළඹ ට ප්‍රවාහන සේවා ( කාර්යාල) ඇරඹිය යුතුය. එයින් කාර් රථ 500 ක් කොළඹ යෑම වැලැක්වීමට කටයුතු කල යුතුය. ( රූට් පර්මිට් නැති වාහන ( බස්) ඒ සඳහා භාවිතා කල යුතුය ) කාර් රථ අයිතිකරුවන් එයට කැමති වනු ඇත. අධික ඉන්ධන විදයම නිසා.


⭕️ ඉක්මනින් අලුත්වැඩියා කලහැකි දුම්රිය තිබේනම් ඒවා කෙටි ධාවනයට යොදවා කාර් රථ කොළඹට ඒම අඩු කිරීම.


⭕️ ආනයනින නිෂ්පාදන මිලදී ගැනීම් හැකි තරම් අඩු කල යුතුය. හැකි තරම් දේශීය නිෂ්පාදන භාවිතා කල යුතුය.


⭕️ ආහාර අපතේ නොයැවීමට හැකි තරම් උත්සහ කල යුතුය.


⭕️ ප්‍රාදේශීය සභා වලින් සමහර තැන්වල වීදි පහන් ලයිට් කනුවෙන් කනුවට දාලා තිබේ. ඒවා එකක් හැර එකක් නිවා දැමිය යුතුය.



4 views0 comments

Comments


Post: Blog2 Post
bottom of page